රජ්ජුරුවෝ රදලයන් හා පූජකයන් එක්ක හවුලේ ඒකාධිපති පාලනයක් අර ගෙන ගියා. මධ්‍යම පංතිකයන් හා දිළිඳු මිනිසුන් මත විශාල බදු බරක් පැට වි තිබුණා. ඒ බදුවලින් අර පාලක කල්ලි සුර සැප වින්දා. ඒ මදිවට මේ පාලක කල්ලිවල තන්හාව පිරිමහන්න හතර වටේ ම යුද්ධ අවුලගෙන තිබුණා; ඒවාට ජිවිත දෙන්න වුණෙත්, ආබාධිත වුණෙත් අර දුගී දුප්පත් ජනතාවගේ පුතුන්. ඔය හැම තැන ම වෙනව වගේ තමයි. ‘රණවිරු‘ වගේ අං තට්ටු පැළඳ වීමුත් එහෙත් නොතිබුණා නොවෙයි. ඒත් මූලික වශයෙන් මිනිස්සුන්ට ‘ප්‍රංශය‘ වුණේ ‘රජ්ජුරුවෝ‘. “රාජ්‍යය නම් මමයි“ කියලා ලුවී රජ්ජුරුවෝ කීවා ම එදා ඒක මිනිස්සුන්ට අරුමයක් නොවුණේ ඔය නිසා. ඒත් ලුවි ගේ රාජ්‍යයකට අනෙක් මිනිස්සු තමන්ගේ දේපළින්, ජිවිතවලින් වන්දා ගෙවන්නේ අහවල් කොං ගෙඩියකට ද කියල අහන්න කොන්ද පණ තිබුණ මිනිස්සු එහෙත් හිටියා. ඒ වගේ අය තොග ගණනින් අත්අඩංගුවට අරන් හිර කරල දාපු ලොකුම කඳවුර මේ බැස්ටිල් බලකොටුව කියල හඳුන ගන්න පුළුවන්. ඒක වටලල පහර දීල, යටත් කරන එක ප්‍රංශ ප්‍රජාතන්ත්‍රික විප්ලවයේ ජයසංකේතය කියල හඳුන ගන්නේ ඒ නිසා.
ප්‍රංශය, ලෝකයේ මුල් ම‘ජාතික රාජ්‍යය‘ හැටියට හඳුනා
ගන්නවා. මම මේ කියන්නේ නූතන දේශපාලන විද්‍යා
තේරුමෙන්. ඒ නිසා අර දෙදාස් පන්සීය ජාතියේ සෙට් එකටත්, රාවණා-එනුමන්තා ජාතියේ
සෙට් එකටත්, තව ඒ වගේ සෙට්
ඉන්නවානම් උන්දැලාටත් මේ කතාව අදාල වෙන්නේ නෑ.
මේ ‘ජාතික රාජ්‍යය‘ පදනම් වෙන්නේ ‘ජාතිය‘ කියන අදහස මත. ඒක ගොඩ නැගුනු විදිය අපුරු කතාවක්. විප්ලවයෙන් රාජාණ්ඩුව එහි සියළු සාමාජිකයන් ද
සමගින් නිර්දය ලෙසින් විනාශ කෙරුනා. මේ තත්වය
ය්රෝපයේ අනෙක් රාජාණ්ඩු බියෙන් වෙව්ලුම් කවන්නට හේතුවක් වුණු බව අමුතුවෙන් ආයි
කියන්න දෙයක් යැ ! මේ එල්ල වුණ තර්ජනාංගුලිය හමුවේ රාජාණ්ඩු සෙට් එකක් ම එකට සෙට්
වෙලා ළදරු ප්‍රංශ සමුහාණ්ඩුව විනාශ කරන්න ප්‍රංශය වටලෑවා. ප්‍රංශ රට ඇතුළෙ මිනිස්සු හිටියේ අන්දුන්
කුන්දුන් තුන් කුන්දුන් වෙලා. එතෙක් එයාලා
වෙන කවුරුවත් නෙවෙයි රදලයන් හරහා රජ්ජුරැවන්ගේ ගැත්තරයෝ. ඉතින් ‘ප්‍රංශය‘ හෙවත් රජ්ජුරුවෝ, තමන්ට අනතුරක්නම් අදාල
රදලයන් අතේ පණිවුඩ එව්වාම, ඒ රදලයා
කරන්නේ තමන් ගේ වැයික්කියේ තමන්ගේ කියන ඉඩකඩම්වල, තමන් යටතේ නඩත්තු වෙමින් ඉන්න ගැත්තන් හෙවත්
ප්‍රෙව්ණිදාසයන් සෙට් එකක් තෝරලා රජ්ජුරුවන්ගේ යුද සේවයට යවනවා. ඔය අනිත් සේවාත් වුණේ එහෙමයි. ලංකාවෙත් අර කියන අතීත ශ්‍රී විභූතිමත් කාලේ
ඇත් කතාව දිව්වේ ඔය විදියට තමයි. දැන්
රදලයොත් නැත්නම්, රජ්ජුරුවොත්
නැත්නම් අහවල් එකා බේරගන්නද යුද්ධයට යන්නේ ! ඉතින් විප්ලවවාදි සමුහාණ්ඩුවට සිද්ධ
වුණා මිනිස්සුන්ට අළුත් හිතක් දෙන්න. ඒ තමයි ‘ජාතිය‘ ! ඒකෙන් කිව්වේ ප්‍රංශය කියල තියෙන මේ රටේ
වාසය කරන ඕනැ ම මනුස්සයෙක් ඒ රාජ්‍යෙය් පොදු
උරුමක්කාරයෙක්, උරුමක්කාරියක්
වෙනව කියන එක. ගැහැණියක්ද- පිරිමියෙක්ද-
වෙනත් ලිංගිකයෙක්ද කියන ඒවා අදාල නෑ. කතා
කරන භාෂාව අදාල නෑ. අදහන- නොඅදහන ආගම්
කතන්දර අදාල නෑ. දුප්පත්ද-පොහොසත්ද අදාල
නෑ. මේ හැමෝම එතැන් සිට ‘ප්‍රංශ ජාතිය‘. යම් රාජයයක වාසය කරන කවුරුත් එක දේශපාලන
සමූහයක් වශයෙන් ජාතිය වෙනව කියන අදහස ‘ජාතිකවාදය‘(Nationalism) කියල හඳුන්වන්න ගත්තා. මේක ජාතිවාදය, වර්ගවාදය යන අදහස දෙන (Racism) කියන එකෙන් වෙනස්. මේ
දෙවනුව කී එක තියෙන්නේ යම් ජාතියක්තව එකකට වඩා අස් හෝ පහත් කියන අදහසින්. සමහර විට ජාතික රාජ්‍යයන් ගොඩ නගන්නට
බලහත්කාරයෙන් මේ වර්ගවාදි උපක්‍රම යොදාගන්නා නිසා ඒකට ‘පටු ජාතිකවාදය‘ කියන යෙදුමත් යොදා
ගන්නව දැක ගන්න පුළුවන්. ඉතින් මේ මුල්
කාලින ජාතික රාජ්‍යය ගොඩ නැගීමේ දි සූත්‍රය වුණේ ‘එක් ජාතියකට එක් රාජ්‍යයක්- එක් රාජ්‍යයකට
එක් ජාතියක්‘ කියන
අදහස. නොයෙක් හේතු නිසා සමහර රාජ්‍යයන්
ජාතින් හැටියට ම අති විශාල විවිධත්වයකින් යුත්.නිසා පස්සේ කාලෙක මේක ප්‍රායෝගික
කරගන්න ටිකක් වෙනස් හැඩ තල දෙන්න වුනා. ‘බහුත්ව රාජ්‍යය‘
(Pluralistic State) කියන සංවර්ධනය
ඊට එකතු වෙන්නේ ඒ විදියට.
ලංකාව වගේ
රටවල් අද දවස වෙන කොටත් මේ ‘ජාතිය‘ ගොඩ නගා ගන්න අසමත්
වීම ඇතුළේ ‘ජාතික රාජ්‍යය‘ ගොඩනගා ගන්න වැඩේ
පට්ට ම අඤ්ඤකොරොස් තැනකට අරන් ගිහින් තියෙන්නේ.
ශ්‍රී ලංකාව කියන ජාතික රාජයය හදන්න නම් ‘ශ්‍රී ලාංකික‘ කියල ජාතිය ගොඩනගන්න ඕන. එත් මේ කියන ‘ශ්‍රි ලාංකික‘ එක ‘සිංහල බෞද්ධ‘ එකට හිවල් හමක් කියල තේරුම් ගත්ත ගමන් ඒ
වැඩේ හබක් !
අනිත් අතින්
නිර්වස්තරයෙන් ම ‘සිංහල-බෞද්ධ
රාජ්‍යය‘ හදන්න
දිවිමිහියෙන් ඇප කැප වී ඉන්න අය ඒකේ දේශසිමාව මුළු දුපත වටේ ම මාක් කරපු ගමන්අනිත්
හැමෝටමත් වෙනවා තමතමන් ගේ ඒවත් මාක් කර ගන්න. ඉතින් මේ කපේදි ඕක හදන්න වෙන්නේ නෑ, මේ
මහාජාතිකවාදය(මාක්ස්වාදි වහරින් ෂෝවිනිස්ට්වාදය) පරාජය කරනකම්.
ඉතින් ප්‍රංශ
මහා විප්ලවය විසින් ලෝකයට බිහි කරපු තව ගොඩක් උරුමයන් තියෙනවා. ඒ අතර ‘ජාතිය‘ ගැනත්, ‘ජාතික රාජ්‍යය‘ ගැනත් මෙම් පාඩම මේ
දුප්වාසින්ට වඩාත් වැදගත් වේවි කියල මම හිතන්නේ.
ඉතින්, එන්න අපි ප්‍රංශ
විප්ලවය අනුස්මරණය කරමු !
No comments:
Post a Comment