එක දිගටම ලිවීමේ අදහසක් ඇති ව මම ආයෙමත් ලියන්න ගත්තා.
මම එක දිගටම ම එකම වැඩක්වත් කරගෙන ගිය මතකයක් මට මතක ඇති කාලයක නෑ. දැන් මෙහෙම අදහසක් ඇති ව ලියන්න ගන්නෙත් සෑහෙන කාලෙකින්.
මට මෙහෙම
පුරුද්දක් නැත්තේ ඇයි කියලා වැඩේ පටන් ගන්න යන මොහොතේ ආයෙමත් මම ටිකක් සීරියස්
හිතුවා. නිමක් නෑ වගේ පෙනෙන සයිබර් ආකාසය
වුණත්, මෙහෙම කුනුකන්දල් වලින් පුරවලා දාන එක හොඳ වැඩක් නෙවෙයි නේ...
ඇත්තට ම ඇයි මම
ලියන්නේ ? ඒ වගේ වෙන වැඩ කරන්නේ ?
මට මා ව ජිවත්
කරවගන්න පුළුවන් වෙන්නේ මගෙන් එළියට මා ව ඇදලා දාගත්තොත් විතරයි. මට හිතෙන්නේ ඔන්න ඔය වගේ පණ්ඩිත කතාවක්.
මනුස්සයා
කියන්නේ ‘සමාජ සත්වයෙක්‘ කියල තවත් කව්ද පණ්ඩිත කතාවක් කියල තියෙන්නෙත් ඔන්න ඔය
ගැන ම වෙන්න ඇති.
ඉතින් මම ලිවීම
ඇතුළු මේ හැම වැඩේ ම කරන්නේ ඒ තේරුමෙන් මගේ ජීවිතය පවත්ව ගෙනයන්න.
ඉතින්, මගේ වැඩ
හැම තිස්සේ ම ලෝකයේ තවත් අය එක්ක සම්බන්ධයි.
මගේ යෝජනා අනෙක් අය භාරගනිවි කියලා බලන් ඉන්න පුරුද්දක් හොඳට හරි නරකට හරි
මටත් තියෙනවා.
ඒත්, මම ජිවත්
වෙන සමාජය, හැම තිස්සෙ ම වගේ මොකක්දෝ මිථ්‍යාමතික සමාජයක් මවා ගෙන, ඒ වගේ ‘සමාජයක‘
මම හිතන-කියන දේවල් කරන්න බෑ කියලා, මා ව පැත්තකින් තියනවා; නැතිව එයාල අකමැතිව
හෙම නෙවෙයි ! එහෙම නැත්නම් ‘කරමු‘ කියල
ලනු දීලා මාරු වෙනවා.
ඉතින් නිතර
අත්විඳින දරුණු හුදෙකලාභාවය ඇතුළේ මගේඅළුත් ම වැඩෙත් ආය කල් යනවා. ඒ කියන්නේ ඉතින් ඒක ආයි කෙරෙන් නෑ කියන එක ම
තමයි.
වාසනාවට වගේ මේ
ජාතියේ සත්වයෙකුට ලෝකයේ ඉන්නේ මේ මම විතරක් නොවෙන බව මට හොයාගන්න ලැබුණා, ගොඩාක්
දරුණු පරීක්ෂණවලට යොමු වෙන්නේ නැතිව ම !ඉතින් එහෙම කෙනෙක් මට උපදෙස් දුන්නේ
අමාරුවෙන් හරි අපි ‘රොබින්සන් කෘෘසෝ‘ ලා වගේ වගේ වැඩ කරන්න පුරුදු වෙමු
කියලා. ඒත් ඕක මට මිනිස්සු- ජිවමාන
මිනිස්සු අතරේ ඉඳ ගෙන කරන්න අමාරු ම වැඩක්.
ඒක මේ විදියට විස්තර කරන්න බැහැ; ඒත් අත්විඳලා තියෙනම් අමුතුවෙන් විස්තර
කරන්න දේකුත් නැහැ. කසාය බීපු ගොළුවෝ වගේ
වෙන වෙන කතා කිය කියා හිටියට මට විශ්වාසයි අපි අතරේ ගොඩ දෙනෙක් ඒ අත්දැකීම් විඳගෙන
ඇති කියලා !
ඉතින් ඒක ටිකක්
හරි ට්‍රයි කරල බලන්න වටිණ-සුදුසු තැනක් මට හිතෙන හැටියට මේ සයිබර් අවකාශය.
මම මේකටත් මාස
ගණනාවක් ඉඳ ගෙන කල් බලමින් හිටියා.
අන්තිමට ම එක් කෙනෙක් - ජීවිතය තරම් ම වෙන කෙනෙක්- මාත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා;
අද මම ඔන්න ඒක දිනනවා මේ විදියට ! එයා ව පරාද කරන්න වටින්නේ නෑ. මගේ ඔට්ටුව මට ලැබෙන එකකුත්නෑ සමහර විට. ඒ, එයා ඒක නොදෙන නිසා නොවෙයි. ඒ ජයග්‍රහණය අපිට පාලනය කරගන්න අමාරු, ඒත් අපි
ව ට කර ගෙන පාලනය කරනඅපෙන් එළියේ සාධකවලින් බැරි තරමට ම බාධා කෙරෙන නිසා. එහෙම ඔට්ටුවකින් මම මේ වැඩේ ට දිරි ගැන්වුනේ
කොහොමද ?
මෙන්න මෙහෙම
දෙයක් මගේ ඔට්ටු සඟයා කීව; “ඔයා දිනනවාටත් ආසයි, ඔයාගේ ආසාවක් ඉටු වෙන නිසා. මම
දිනුවොත් මට ලැබෙන දේ නිසා මම දිනනවටත් ආසයි. ඒත් ඔක්කෝට ම වඩා ආසයි ඔයා මේ වැඩේ
පටන් ගන්න එකට“
ඇත්තමයි; සමහර
විට වැඩ කරන්න තරමට බලාපොරොත්තු හදන්නේ, ගොඩාක් පුංචි වගේ පෙනෙන දේවල්වලින්: ඒත්
ඒවා පෙනෙනවට වඩා මහ දැවැන්තයි කියල මට මේ වෙලාවට හිතෙනවා.
ඉතින්, මගේ
‘හුදෙකලාභාවය‘ කියන මරණීය අසනීපය, මට විතරක් සීමා වුන එකක් නොවෙන බව දැන ගෙන, මම
හැර අනෙක් ‘මම‘ලගෙන් ලොකු දේකුත් බලාපොරොත්තු වෙන්නෙත් නැති ව ඔන්න මේ පාර මම
ටිකක් දිගට ලියන්න හිතන් පටන් ගන්නවා.
ඹයා ඔට්ටුව දිනුම් ! මගෙන් උණුසුම් සුභ පැතුම් අපි පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යමු.
ReplyDeleteතෑන්ක්ස් ගොඩාක් !
Delete