ලංකාවේ
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ආයෙමත් වතාවක් දෙමළ ජාතිකයෙකුට ගිහින් තියෙන එක මේ
දවස් වල අපේ ඇතැම් සිංහල මිත්‍රයන් ට ජාත්‍යන්තර මට්ටමේ ‘ජාතික ප්‍රශ්නයක්‘ බව ට
පත් ව තිබේ.
ඒත් මේ සරල අංක
ගණිත ගැටළුවකි. මහැදුරු නලින් සිල්වා වැනි
තමන් උගන්වමින් සිටින විෂයයට ම එරෙහි මහැදුරෙක් ට වුණත්, උන්නැහේගේ සනුහරේ මේ
ඇත්තන් ට මෙහි ලා උදව් විය හැකි වනු ඇත.
ජාතික
ලැයිස්තුවේ මන්ත්‍රී ධූර ද සමඟින් ලංකාවේ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 225 කි. දැන්
ඒවායෙන් 106ක් ම දිනා ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය මුළින් ම පොරොන්දු වූ ආකාරයට
දැන් ‘ජාතික ආණ්ඩුවක්‘ වැන්නක් පිහිටුවා ගැනීමට සමත් වී තිබේ. ඒ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එක්සත් ජනතා නිදහස්
සංධානයේ ප්‍රධානතම පාර්ශ්වකරුවා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩු බලය බෙදා
ගන්නට එකඟ වීමෙනි. දැන් ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය ආණ්ඩුවේ කොටසකි. පක්ෂය ගත් තීරණයට
එනඟ වන්නට අසමත් අය පාලනය කරන්නේ කෙසේද යන්න එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. එහෙත් යථාර්ථය වූ කලී, ආසන 95ක් දිනා ගත්
එක්සත් ජනතා නිදහස් සංධානයේ අති බහුතර කොටස මේ වන විට ආණ්ඩුවේ කොටසක් වි තිබීම
ය. තවදුරටත් එක්සත් ජනතා නිදහස් සංධානයක්
යථාර්තයේ නැත. මේ අනූව ඊනියා එක්සත් ජනතා
නිදහස් සංධානයකට ආසන 16කට වඩා පාර්ලිමේන්තුවේ අයත් යයි තව දුරටත් කිව හැකි ද ?
මේ තත්වය යටතේ
ඊ ළඟට වැඩි ම ආසන දිනා ඇති පක්ෂය වන්නේ දමිළ ජාතික සන්ධානයයි. එය මේ රටේ දමිළ ජනයා නියෝජනය කරන්නක් වීම ගැන
කරන්නට දෙයක් නැත. ඔවුන් නියෝජනය කරන ප්‍රෙද්ශ
ලංකාවේ භූමිබාගයට අයත් යයි කවුරුන් හෝ සළකන්නේ නම්, මැතිවරණ කොමසාරිස්වරයා විසින්
මැතිවරණයක් පවත්වා, ප්‍රකාශ කරන ලද ප්‍රතිපලය නීත්‍යානුකූල ලෙස පිළිගන්නේනම්, මේ
ආසන 16 ලංකාවේ පාර්ලිමේන්තුවේ ම ආසන ලෙස පිළිගැනිම ට සිදු වේ. එසේ නොවේ යයි සිහි බුද්ධියෙන් යුතු ව ඉදිරිපත්
කරන එකඳු තර්කයක්වත් මට මෙතෙක් හමු වී නැත.
ආණ්ඩු පක්ෂයේ ම
ඉඳ ගෙන විපක්ෂ නායකකමත් භුක්ති විඳීමට සිහින දැකීම මොන ආකාරයේ විගඩමක් දැයි නයැදුරු
(න්‍යායාචාරී) වීරවංස මැතිතුමා විසින් මේ වන විටත් පෙන්වා දී ඇත. ඒ ඒ අයගේ තර්ක ඒ අයට ම පැටලෙන්නට ගත් විට මෙය
පට්ට විගඩමක් බවට පත් වෙයි. ඉතින් ආණ්ඩු
පක්ෂයේ කොටස්කරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට, එය නියෝජනය කරන මංත්‍රීවරයෙකුට
විපක්ෂනායකකමකුත් දරන්නට බෑ නේ ද? එහෙමනම්
ඉතින් ඊ ළඟ බහුතර ආසන ඇති දමිළ ජාතික සන්ධානයට මේ තනතුර හිමි වීම ප්‍රශ්නයක්
වෙන්නේ කොහොමද ?
වර්ගවාදය යනු
ජාත්‍යන්ධකමටත් හපන් අන්ධකමක් බව ඇත්ත ය.
ඒ බව යළිත් තහවුරු වෙන්නේ මෙන්න මේ විදියේ සිද්ධි එක්ක ය. මේ තරම් සරල අංක ගණිත ප්‍රශ්නයකට පිළිතුර හිතා
ගන්න බැරි තරමට දෑස් අන්ධ වන්නේ වර්ගවාදය නිසා ය !
සියලුම ජාතින්ට සියලුම වරප්රඑසාද හිමි විය යුතුයි. කිසිම ජාතියක් කිසිම ජාතියකට දෙවැනි නැහැ. මේවා පොත්පත්වලින් ආණ්ඩුක්ර ම ව්යපවස්ථාවේ තිබ්බට වැඩක් නැහැ. ත්ර ස්ත්ර වාදීන් කොටි කිය කිය, වෙනම රාජ්ය න් හදා ගන්නවා කිය කිය කෑ ගග හා නටනවා. ඒ වුනාට වෙනම රාජ්ය යන් හදාගන්න ඒ මිනිසුන්ව කොටි කරගන්න මේ මෝඩ සිංහලයාමයි දගලන්නේ? ඔය විදියට අයිතිවාසිකම් වරප්ර සාද අහිමි කරාම ඒ මිනිස්සු වෙනම රාජ්යමයන් ඉල්ලන එක මහා පුදුමයක්ද?
ReplyDeleteඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිංහලුනි ! කියලා තමයි අහන්න තියෙන්නේ .ඇත්තටම ඔයා වගේ මිනිසුන් තවත් ඉන්නවානම් මේ ලොකේ කොච්චර සුන්දරද?
ReplyDeleteයුද්ධයෙන් දිනූ සාමයක් හෝ එක්සත්කමක් නැත ! අඩු ම වශයෙන් ජයග්‍රහනයක්වත් නැත ! මේ ඔප්පු වෙමින් තියෙන්නේ ඒක ම නොවෙයි ද? පැහැදිලි ව ඇත්ත දකින්න පුළුවන් ගොඩක් මනුස්සයන් ව ලංකාවටත් අවශ්‍ය වෙලා තියෙනවා.
Delete