ක්ලෝඩිට් කොල්වින්, පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. ඇයව අත්අඩංගුවට ගැනුනේ ඇය කළු ජාතිකයකු නිසාත්, සුදු ජාතිකයකුට බස් එකේ සීට් එක දිල හිට ගෙන යන එක ප්‍රතික්ෂේප කළ නිසාත්. මොන්ට්ගෝමරියේ මෙතෝදිස්ත පල්ලියක තරුණ දේවගැතිවරයෙක් වුණ, මාටින් ලූතර් කිං තමන්ගේ සංඝයත් එක්ක කතා කළා, මේ වෙමින් තියෙන තත්වයේ ඇති අසාධාරණය ගැන. ඒත් ඔවුන්ට ඉවසන්න වුණා, ක්ලෝඩිට් බාලවයස්කාරියක් නිසා. ඒත් එක ම සිදුවීම ඒක නොවෙයි. මේ තත්වයට හේතු වුණේ ඇලබාමා ප්‍රාන්තය් වර්ගවාදී නීතිය. ඒකේ හැටියට බස්පො එකේ ඉස්දුසරහ සිට් සුදු ජාතිකයන්ට;ඒවා පිරිල තියෙද්දී සුදු ජාතිකයෙක් බස් එකට නැග්ගොත් පිටිපස්සේ සීට් එකක් හරි දිය යුතුයි. ප්‍රවාහනයේ දි මේ අයුක්ති සහගත, අශිෂ්ට තත්වය දිගින් දිගටම මතු වුනා.
‘ස්ත්‍රී දේශපාලන සභාව‘ මේ වගේ තත්වයන්ට එරෙහිව 1946 තරම් කාලෙක ඉඳන් ම වැඩ කරමින් හිටපු සිවිල් ආයතනයක්. ‘වර්ණ ජනයාගේ ප්‍රවර්ධනය සඳහා වන ජාතික සංගමය‘ (NAACP) මේ තත්වය වෙනස් කරගන්න දිග කාලයක් තිස්සේ වැඩ කරන තවත් සිවිල් සංවිධානයක්. ඒකේ ශාඛා ලේකම්වරිය වුණ රෝසා පාර්ක්ස්. ක්ලෝඩිට් ගේ සිද්ධිය වෙලා මාස නවයකින් ඇයගෙත් වෙලාව පැමිණුනා. ඇය සහ සෙනඟ තින්දු කළා නොනැවති අභියෝග කරන්න.
“මේ තත්වය වෙනස් විය යුතුයි නේ ද...?“ දේවගැති මාටින් ලූතර් කිං සෙනඟ රැස් කොට විමසුවා.
“ඔව්; දැන් හොඳට ම ඇති“ ඔවුන් තම කෝපය,පිළිකුල එක්ක අරගලයේ මොහොතට එකඟතාවය පළ කළා.
“ අපි මේ තත්වය වෙනස් කළ යුතුයි.අපි වැරදිනම් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයත් වැරදි විය යුතුයි. අපි වැරදිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වැරදි විය යුතුයි. අපි වැරදිනම් දෙවියන් වහන්සේත් වැරදි විය යුතුයි“
ඔවුන් විසින් පිහිටුවා ගත් ‘යහපත් මොන්ට්ගෝමරියක් උදෙසා වූ සංගමය‘ (MIA) සිය නායකයා ලෙස දේවගැති මාටින් ලූතර් කිං තෝරා ගත්තා. නැහැ; හරියට ම කීවොත් ඒක ජනතාවගේ නියකත්වයක්. එහි ප්‍රධාන නියෝජිතයා ඔහු.
ඒ, 1955 දෙසැම්බර් 05.
රෝසා සිද්ධිය වෙලා පස් වෙනි දවස.
මේකයි තීරණය;
“වර්ගවාදි නීතිය වෙනස් වෙනතුරු අපි බස්වල යන්නේ නෑ“ලංකාවේ බොදුබලසේනා, රාවනා බලය, වීර විදහන, ජයග්‍රහණය,මහසෝන් බලකාය, විසුරුවා හැරි බව කියන ත්‍රස්තවිරෝධි ජාතික ව්‍යාපාරය වගේ බෝඩ් ලෑලි තොගයක් අස්සේ ඉන්න වර්ගවාදී ත්‍රස්ත සංවිධාන වගේ ම එක්සත් ජනපදයේ අදටත් වැඩ කරන ප්‍රධාන ම සංවිධානය ක්ලු කුලුක්ස් ක්ලෑන් (KKK) අරගලය විනාශ කරදමන්නට ප්‍රාන්ත පාලනයට උපරිම හයිය ලැබෙන්නේ ඔවුන්ගෙන්. දේවගැති මාටින් ලූතර් ගේ පල්ලිය ඇතුළු මුල් පෙළේ ක‘ියාකාරීන් නව දෙනෙකු බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලට ලක් වෙනවා. එක් ගර්භනී අම්ම කෙනෙතුගේ කකුල් කඩල බිඳලා දාලා තිබුණා. ‘නීත්‍යානූකූල ව්‍යාපාර කර ගෙන යන්න බාධා කළා‘ කියලා දේවගැති මාටින් ලූතර් අත්අඩංගුවට ගන්නවා. සමහරු රස්සාවලින් දොට්ට දාලා තිබුණා. නිවාඩු කපලා, දඩ ගහලා, නොයෙක් විදියට වර්ජනයට සම්බන්ධ වීම අධෛර්යමත් කරන්න වැඩ කරල තිබුණා.
“ගල් කැටයකින්වත් ප්‍රතිප්‍රහාරයට යන්න එපා“ ඒක තමයි අරගලයේ නායකත්වය ජනතාවට දීපු උපදෙස.
නීතිඤයන් නඩු වලට පෙනි හිටියා. ටැක්සි රියදුරන් නොමිළේ ම වගේ වර්ජක මිනිසුන් ප්‍රවාහනය කළා. පුළු-
පුළුවන් හැම කෙනෙක් ම තමන් ට පුළුවන් තැනින් අරගලයට දායක වුණා. ටික දෙනෙක් වුණත්, සුදු ජාතිකයොත්.
එක්සත් ජනපද ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය, ඇලබාමා දිස්ත්‍රික් උසාවිය දුන් තීන්දුව තහවුරු කරමින්, වර්ගවාදි නිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තහවුරු කළා.
දවස් 381ක් පුරා ඇදි ගිය බස් වර්ජන ව්‍යාපාරය 1956 දෙසැම්බර් 21 ජයග්‍රාහී ව අවසන් වුණා.
මේ නිති අකුලා ගැනීමේ තැනට බලගතු පාලකයන්, කොම්පැනි හිමියන් සහ අනෙකුත් බලවේග ඇද ගෙන ආවේ උසාවි තීන්දු වලින් නැත්නම් හිත උනු වීමකින් කියල හිතුවොත් ඒක ඉතිහාසය ගැන පට්ට අදේශපාලනික පටලවා ගැනිමක් වේවි.
ඇත්ත ම සහ ලොකු ම හේතුව දේශපාලන-ආර්ථිකයි.
ඒ බස් මගින්ගෙන් 75%ක් කළු ජාතිකයන්; ඔවුන්ගෙන් 90%කට වඩා වර්ජන ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මේ පාඩුව එක්ක අවුරුද්දකට වැඩි කාලයක් හති වැටුණ තත්වයක බස් කොම්පැනි සහ ඊට සම්බන්ධ තවත් අය හිටියේ. ඔවුනුත් කියමින් හිටියේ “හපොයි! දැන්නම් ඇති!!“ කියමින්. අනිත් අතින් අරගලයට දායක වුණ කළු හෝ සුදු හැම අයෙකුට ම ඒ කැපකිරිම හෙට දවසට වටිණාකමක් එකතු කරන ආයෝජනයක් වුණා.
මෑතක ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය වගේ සිද්ධියක් වාර්තා වෙද්දී සුදු ජාතිකයෝ අතිබහුතරයක් එක්ක මුළු ලෝකයක් ප්‍රතිවිරෝධය පැත්තෙන් හිටගන්නවා. එක්සත් ජනපද සමාජය එතැනට වර්ධනය වුණේ නිකම් නෙවෙයි. අධිෂ්ඨානයේ, වීර්යයේ, යහසිතුවිලි කියන අධ්‍යාත්මික-පෞරුෂ ගුණාංග නිසා විතරකුත් නෙවෙයි.
ලංකාවේ මේ වෙලාවේ දියත් වෙමින් ඇති බහුජන අරගලයේ තීරණාත්මක දේශපාලන නිමේෂයත් මේ පාඩම් ඔස්සේ හොයා ගෙන යන්න පුළුවන් වේවි.
චෞර රැළේ මහා ඒජන්තයා වන රාජපක්ෂ පවුලත්, ඒ එක්ක බැඳි ඇති පක්ෂ-විපක්ෂ-නිර්පක්ෂ මුණු අස්සේ සිටින සියළු බලවේගවලත් ආර්තික මර්මස්ථාන ඉලක්ක කරගැනීම අත්‍යවශ්‍ය දිගුකාලින වගේ ම හදිසි කටයුත්තක්. මේ වෙලාවේ ඒ චේර රැළ සිරුමාරුවෙන් සූදානමක වගේ පේන්නත් තියෙනවා. තාම සිය නොසෙල්වෙන පක්ෂපාතීත්වය වගේ තැනක ඉන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා, මිලිටරි නායක ශවේන්ද්‍ර, තවත් භික්ෂූන් ඇතුළු කිහිප දෙනෙක් විතරයි.
වෘක දත් දකින්නට තරමට ඇස් තියුණු කර ගනිමු. ඇතැම් විට ඒවා ඇත්තේ බැටළු හම්වලට යටින්.
No comments:
Post a Comment