'රණවිරුගම' ද, ගෝටාගෝගමේ ම ය. 88 දී අතුරුදන් වූ දරුවා ගැන මතකය ගුලි කර ගත් අම්මා ද ගෝටාගෝගමේ ය.
ගෝටාගෝගම මේ එකිනෙකා මුණගස්වන ගමක් නොවන්නේ ඇයි ?
'රණවිරුවෝ' ද මනුෂ්‍යයෝ ය. ඔවුන් විශේෂ 'විරුවන්' බවට පත් කර ඇත්තේ පාලක කල්ලිවල මර්දනයට පෙරමුණේ සේවය නිසාවෙනි. මට නම් ඔවුන්, ඒ මෙහෙයට යොදවන ලද අසරණයන් පිරිසකි.
ඒ මර්දනයේ දී මේ 'විරුවන්' කවදත් කළේ දී තිබූ අවි සහ පුහුණුව, ලද ඕඩරයට ක්‍රියාවට නැංවීම ය.
එක ම දූපතක වුණත්, මේ අරුත, උතුරු කෙලවර පැත්තේ ජනසමූහයට වැඩියෙන් තේරෙද්දී, දකුණු පැත්තේ ජනසමූහයට වැඩිපුර මිස් වෙන්නේ ඇයි ?
මිලිටරියේ මර්දනකාරී වීරත්වය උඩට ඉස්සෙන්නේ 2009 දී මිස 88-89 හෝ 71දී නො වේ.
"හමුදාවත් අපේ තමයි;පොලීසියත් අපේ තමයි" යනුවෙන් ගයන අරගලයේ මිත්‍රයන්ට රඹුක්කන පාඩම පවා නොදැනෙන තරම් සුළු වූවකි.
ඉතින් යළිත් අසමි; දකුණට මේ මිස් වීම සිදුවන්නේ කොතනින් ද ?
71 දීත්, ඊට වඩා අතිදැවැන්ත ලෙස 88-89දීත් දකුණේ කැරලිකාර අභිලාශයන්, මර්දනීය රාජ්‍යය එක්ක පෙළ ගැසුනා නො වේ ද ? මේ දෙකේදී ම 'මව්බිම බේරාගැනීම' නමින් පෙරමුණට ආවේ කාගේ 'මව්බිම' දැයි උන් විමසිලිමත් වූවා නම්....
අද යළිත්, 2022දීත් අපට මිස් වෙමින් තියෙන්නේ මේ පොයින්ට් එක නො වේ ද ? හරියට ම කියතොත්, 'රාජපක්ෂ ක්‍රමය' කියන්නෙත්, උත්කර්ෂයට නැං වූ ඔන්න ඕක ම ය.
'රාජපක්ෂ' හැබෑ ලෙස ම පරාජය කරන්නටනම්, අපේ දෑස් බැද ඇති මේ වානේ වෙස් මුහුණෙන් ගැලවීම අනිවාර්ය බව තේරුම් ගනිමු.
No comments:
Post a Comment