ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය, හෙට, 23 සදුදා, ඇමති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බව ඇමති විජේදාස රාජපක්ෂ කියනවා. ඇමති මණ්ඩල අනුමැතිය ලබපු වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කියනවා.
මේ එක්ක සිග්සැග් සංශෝධන රටාවක් පේන්න තියෙනවා.
'78 ව්‍යවස්ථාව මිශ්‍ර විධායක ක්‍රමයක් පදනම් කර ගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ඒක විධායක ජනාධිපති ක්‍රමයක් කියන ජනප්‍රිය බේගලය බොහෝ දෙනා දරා ඉන්නේ, පත් වෙන ජනාධිපතිවරයාට අතිවිශාල බලතල ප්‍රමාණයක් මදිවට කොහේවත් නැති මුක්තියේ (නඩු පැවරීමෙන් නිදහස්) තත්වයකුත් ඇති කරල තියෙන නිසා වෙන්න පුළුවන්. 17 වන සංශෝධනයෙන් මේ බලතල වල විශාල අඩු කිරීමක් වගේ ම පාලනය කිරීමක් කළා. නැවත 18 සංශෝධනය මගින් තිබුණටත් වඩා නරක විදියේ බලතල අත්කර ගැනීමක් කළා. නැවත 19න් අඩු කරලා, පාලනය කිරීමකුත් කළා. නැවත 20න් ඉතිහාසයේ නරක ම සංශෝධනය වන 18ත් ඉක්මවා වන පවරා ගැනීමක් කළා. ඒක දිරව ගන්න බැරි තරම් බලයක්. මේ වෙද්දී ඒ පවරපු පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි, ඒ ලබපු ජනාධිපතිවරයත් ඒක අතාරින්න එකග වෙලා ලු !
යහපාලන ආණ්ඩුව ඇතුළට රිංගලා, රාජපක්ෂ මාෆියාවේ නඩු ෆයිල් යට ගහල, මේ සිංහල-බෞද්ධ මහාරාජෝත්තම පාලනය පිහිටුවන්න බොක්කෙන් ම ඇප කැප වුණ විජේදාස රාජපක්ෂ අතින් තමයි දැන් මේ 21 හරහා වෙන අත්හැරීමත් යෝජනා වෙන්න යන්නේ !
එයා ද ඇතුළු ව පොදුජන පෙරමුණේ 'ස්වාධීන' යයි කියාගන්නා කණ්ඩායමත්,පක්ෂ දහයේ කණ්ඩායම කියන හාදයොත්, ශ්‍රීලනිපයත්(වෙනස මගෙන් අහන්න එපා. මම දන්නෙත් නෑ. ඒ එයාල හදුන්වගන්න විදි) අප්‍රේල් 22 කතානායකට යෝජනාවලියක් දීල තියෙනවා. 19 සංශෝධනයේ තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාවන් ආයෙමත් බලාත්මක කරන්න ඒකෙන් යෝජනා වෙනවලු. ඒ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් මිස කිසිම කොමිෂන් සභාවක පත් කිරිමක් කරන්නවත්, ඒ ඒ කොමිෂන් සභාවල අනුමැතියකින් මිස ඒවායෙන් කෙරෙන ඉහළ නිලධාරීන් පත් කිරීම් කරන්නවත් ජනාධිපතිවරයාට බැහැ. සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු යෝජනාවලියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැනත්, සංවරණ හා තුලන (Check & Balance) ක්‍රමයක් එක්ක ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල ඒ ඒ ආයතනවලට පැහැදිලිව වෙන් කිරීමකුත් යෝජනා වෙලා තියෙනවලු.
මේක සුබ සිහිනයක් !
හැබැයි අමතක කරන්න එපා, 19ත් මදි තත්වයක රට තිබුණේ. තවදුරටත් මේ වෙනස්‍කම් කරන්න යන්නේ මේ විනාශකාරී ආඥාදායකත්වයට රට ඇද ගෙන ගිය බහුතර පොහොට්ටුවාදී පාලනයක් එක්ක.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගැන අපට ඇති බරපතල ම අභියෝගය වන ජාතික ප්‍රශ්නය විසදන නැනෝවක් තරම් දෙයක් මේවා තුළ නෑ.
ඒ නිසා ම ලත් තැන ම ලොප් වෙන්නත් ඉඩ වැඩියි.
මේ අභියෝග ජයගන්න නම් එළියේ ශක්තිමත් සිවිල් සමාජ ව්‍යාපාරයක් තියෙන එක අත්‍යාවශ්‍යයි. ඒත් එහෙම එකකුත් ලංකාවේ නෑ. ඒ වෙනුවට අතරමැද මට්ටමේ පොරවල් ටිකක් හදුනගන්න පුළුවන් සිවිල් සමාජ හැටියට පෙනී ඉන්න. මේ අය පාව්චිචි කරල හරි මේ වෙලාවේ එළියෙන් බලපෑමක් ගොඩනැගුවේ නැත්නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ තනියෙන් ගහන ගේමටත් කෙල වෙන්න ඇරලා, 'ඕක තමයි අපි කිව්වේ රනිල් ට බෑ;රනිල් පාවා දෙන්නා" කියලා හාන්සි වෙලා, කෙල වීමේ සතුට විදගන්න ඇති තරම් 'නිදහස' දිනා ගතෑකි.
රට පුරා අයාලේ යමින් තියෙන කලහකාරී විරෝධතාවලට ඔළුවක් හයි කරගන්න වෙනවා.
පළාත් මට්ටමේ දැනට තියෙන පරිපාලන ඒකක වෙන පළාත් සභාවලට දේශපාලන බලය පැවරෙන පුළුල් කිරීමක්, සියළු ම පාලන ආයතන, ඒ ඒ පාලන ආයතන හරහා විතරක් නෙවෙයි සෘජුව ම ජනතාව හරහාත් තුලනය හා සංවරණය වෙන ක්‍රමයක් ඇතුලත් කිරීමත්, තොරතුරු අයිතිය වගේ ඒවා වඩා ගැඹුරු හා බලගතු කිරීමත්, ආගම රාජ්‍යයෙන් නිදහස් කිරීමත් වගේ සංශෝධන දිහාට තල්ලු කරගන්න පුළුවන් නම් මම කැමතියි. තව එකක්;ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළේ පාර්ලිමේන්තුවෙන් පිටත නියෝජිතයන් ප්‍රමාණය වැඩි කිරීමත් වැදගත් වේවි. ඒක 19 ගෙනෙද්දිත් ඇමති මණ්ඩල කෙටුම්පතේ තියලා, පස්සේ පොදු පෙරමුණු වැඩි බලය ඇති පාර්ලිමේන්තුව විසින් කප්පාදු කරපු ඉදිරිගාමී යෝජනාවක්.
'ගෝටාගෝහෝම්' වගේ පට්ට සීමිත, අදේශපාලනික සටන්පාඨයක් පිටුපස තියෙන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පාර මේ දිහාවෙන් විවෘත වේගෙන එන බවයි මගේ විශ්වාසය.